මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් පිළිබදව තොරතුරු ලබාගෙන ඔවුන් අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සහිත “Safe Sri Lanka” නමින් නව මෘදුකාංගයක් සකස් කිරීමට තරුණයන් දෙදෙනෙකු සමත්ව සිටිති.
මාතර ප්‍රදේශයේ පදිංචි නව නිපැයුම්කරුවෙකු වන කැළුම් වාදසිංහ සහ තොරතුරු තාක්ෂණ කථිකාචාර්යවරයෙකු වන කසුන් දර්ශන විසින් මෙම නව මෘදුකාංගය නිර්මාණය කර තිබේ. මෙම නව මෘදුකාංගය මගින් රජයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරතව සිටින්නන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරතව සිටින්නන්ට මෙරට සංචාරයන්හි නිරතවන විදෙස් සංචාරකයින් පිළිබඳව තොරතුරු රැසක් ලබාගත හැකි බව නව නිපැයුම්කරුවෙකු වන කැළුම් වාදසිංහ කියන්නේය.
“මෙහිදී මුලින්ම සිදු කරන්නේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට ගුවන් තොටුපොළේදී විද්‍යුත් හැදුනුම්පතක් නිකුත් කෙරෙනවා.එම හැඳුනුම්පත ජංගම දුරකථනයට, පරිගණකයට සම්බන්ධ කරන්න පුළුවන්.
Discussion about this post