තලෙයිමන්නාරම ප්‍රදේශයේ අක්කර 80ක අන්සතු ඉඩම් ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදීන් චෝදනා ලැබ සිටියේය. මෙම සිද්ධියට අදාළ නඩුව 21 වැනිදා කැඳවූ අවස්ථාවේදී රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව අධිකරණය වෙත ලැබී තිබෙන බව ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ සැක කටයුතු ඔප්පු හා ලිපි ලේඛනවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා, අධිකරණ නියෝගය පරිදි රජයේ රස පරීක්ෂකවරයා වෙත භාරදී තිබුණි.
තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි අක්කර 80කට අධික ඉඩම් කොටස් දෙකක් ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කරගෙන වෙනත් පාර්ශ්වයකට විකිණීම මගින් වංචාවක් සිදුකරන ලදැයි චෝදනා කරමින් රිෆ්කාන් බදියුදීන් ඇතුළු තිදෙනකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පැමිණිල්ල අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
මෙම පැමිණිල්ල යළි කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් විමර්ශනයට අදාළ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉකුත් නඩු වාරයේදී ප්‍රකාශ කළද මෙතෙක් එවැනි පියවරක් ගෙන නොමැති බවද සඳහන් කළේය.
Discussion about this post