සෙත්සිරිපායේ 111 වන බහු මහල් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 22 වෙනිදා පෙරවරු 9.30ට බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී ආරම්භ කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ව්‍යාපෘතිය මහල් 25කින් සහ වර්ග අඩි මිලියන 1.37කින් සමන්විතය. නවීන පහසුකම්වලින් සමන්විත මෙම කාර්යාල සංකීර්ණය තුළින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය කාර්යාල රැසකට ඉඩ පහසුකම් සලසා ගැනීමට අපේක්ෂිතය.
වසර තුනහමාරකින් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත මෙහි සමස්ත වියදම රුපියල් බිලියන 16.7ක් වෙයි. මෙහි ගෘහ නිර්මාණ ශිල්පීය උපදේශකයන් ලෙස නිර්මාණ ව්‍යාපෘති කළමනාකරණය හා උපදේශක අංශය කටයුතු කරයි. විශාලතම ආයෝජනය සිදු කරන රජයේ කාර්යාල සංකීර්ණයක් සහිතව ඉදි කෙරෙන උසම ගොඩනැගිල්ලද මෙය වීම විශේෂත්වයකි.
නාගරික සංවර්ධන අධිකාරිය පූර්ණ හිමිකම් සහ මූල්‍ය දායකත්වය දරන මෙම කාර්යාල සංකීර්ණය විවිධ මහජන පහසුකම්වලින් සමන්විත වන අතර එය වාණිජ කටයුතු, බැංකු කටයුතු, ආපනශාලා, රැස්වීම් ශාලා, විශේෂිත වූ උත්සව සහ රථගාල්. වෙනත් විවිධ කටයුතු වෙනුවෙන් වූ බහුකාර්ය ශාලා, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන වැනි පහසුකම්වලින්ද සමන්විත වේ.
Discussion about this post