එජාපයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙන්නේ පක්ෂ නායකයා ලෙස ඔහුම තීරණය කරන දිනයක බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.
එතෙක් කවුරුවත් පාර්ලිමේන්තුව නියෝජනය නොකළා කියා ප්‍රශ්නයකුත් නැහැ. සභාපතිවරයා අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව නියෝජනය කරන බවද කීය.
වර්තමානයේ රට පත්ව ඇති තත්ත්වය සහ මෙම වසරේ අගෝස්තු වන විට රට පත්වන තත්ත්වය ගැන අවධානය යොමු කර පක්ෂය ඒකමතිකව තීරණය කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු බව යැයිද ඔහු එය ප්‍රතික්ෂේප කර නැතැයිද සභාපතිවරයා කියයි.
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන පණිවුඩය ගෙන යා යුත්තේ පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ බවද තාවකාලිකව මෙම මන්ත්‍රී ධුරය ලබාදෙන ලෙස ඇතැමුන් ඉල්ලා සිටියත් එසේ කළහොත් එජාපය කැඩෙනු ඇති බවද හෙතෙම පැවසුවේය.
Discussion about this post