කොවිඩ් 19 වෛරස ආසාදිතයන් හඳුනාගත හැකි පහසු රුධිර පරීක්ෂණ ක්රමවේදයක් මෙරට මහාචාර්ය නීලිකා මලවිගේද ඇතුළත් ඔක්ස්ෆර්ඩ් සරසවි විශේෂඥ කණ්ඩායමක් විසින් සොයාගෙන තිබේ.
කොවිඩ් වෛරස් ප්රතිදේහ පරීක්ෂා කෙරෙන මෙම පරීක්ෂණය ඇඟිලි තුඩකින් ලබා ගන්නා රුධිර බිඳුවකින් සිදු කරනු ලබන අතර එය ඉක්මන් හා භාවිතයට ඉතා පහසු ක්රමවේදයක් බව පර්යේෂකයින් පවසයි.
මෙම පර්යේෂණය සඳහා නියැඳි 3000ට වඩා පරීක්ෂා කළ බව විශේෂඥ කණ්ඩායමට මෙරටින් එක්වූ මහාචාර්ය නිලීකා මලවිගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
Discussion about this post