ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පවසයි. ඒ සඳහා නීතිපතිවරයාගේ සහයද ලබාගත හැකි බව කෝප් කමිටු සභාපතිවරයා පවසා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්ය සාධනය පිළිබඳව පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබූණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමත කාර්යය මණ්ඩලය 162ක් බවත් ඉන් 123ක්ම කොන්ත්‍රාත් තනතුරුවීමත් විශාල ගැටලුවක් බව කාරක සභාව පෙන්වා දුන්නේය. මූල්‍ය අංශ ප්‍රධානී, නීති නිලධාරි, තොරතුරු තාක්ෂණ නිලධාරි, අභ්‍යන්තර විගණක යන තනතුරු අනිවාර්යෙන්ම ස්ථීර තනතුරු විය යුතු බවද කාරක සභාව පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රසම්පාදන කටයුතු අවධිමත් වන අතර එය විධිමත් කිරීම වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් කාරක සභාව නිර්දේශ කළේය. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම පවතින තත්ත්වයට වඩා ඉහළ මට්ටමක පැවතිය යුතු බවටද කාරක සභාවේදී සාකච්ජා විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ක්‍රීඩා සංගම්වලට මුදල් ලබාදීම සඳහා නිවැරදි ආකෘතියක් සැකසිය යුතු බවටද කාරක සභාව නිර්දේශ කළේය. ක්‍රීඩා පනත කඩිනමින් සංශෝධනය කළ යුතු බවටත් ඒ වෙනුවෙන් වහාම කටයුතු කරන ලෙසත් කාරක සභාව ක්‍රීඩා අමාත්‍යංශයට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේය.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දැවැන්ත කඩා වැටීමට හේතුව ක්‍රීඩකයන්ගේ වැරදි නොව ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතා බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
Discussion about this post