ශී‍්‍ර ලංකා – බංගලාදේශ ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ජෛව ආරක්‍ෂිත බුබුලක පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කි‍්‍රකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. ඒ සඳහා යුද හමුදාවේ සහාය ලබා ගැනීමට ද කටයුතු කරන බවත් පේ‍්‍රක්‍ෂකයන්ගෙන් තොරව පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන එම ටෙස්ට් තරග දෙක සඳහා කොන්දේසි මත මාධ්‍ය නියෝජිතයන්ට වාර්තාකරණ කටයුතු සඳහා අවසර ලබාදෙන බවත් අර්ජුන් ද සිල්වා මහතා කීය.
මේ වනවිට බංග්ලාදේශය ලොක් ඩවුන් තත්ත්වයේ පැවතියත් ශ‍්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඔවුන් සුබවාදී තත්ත්වයක පසුවන බව අනාවරණය විය. බංග්ලාදේශ කණ්ඩායමේ සෑම ක‍්‍රීඩකයෙක්ම පාහේ කොවිඞ් එන්නත ලබාගෙන තිබීම හේතුවෙන් තරගාවලිය සම්බන්ධයෙන් ගැටලූවක් නොවන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විශ්වාසය වී තිබේ.
කොදෙව් සංචාරය අතරමැද පෞද්ගලික හේතුවක් මත නැවත ලංකාවට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ද බංග්ලාදේශ තරගාවලිය සඳහා සූදානමින් සිටී. කොවිඞ් එන්නත ලබා ගැනීමට කැමැති ක‍්‍රීඩකයන් සඳහා ලබන 11 වැනිදා එය ලබා දීමට කටයුතු යොදා තිබේ. බංග්ලාදේශ තරගාවලිය ආසන්නයේ තිබියදී කොවිඞ් එන්නත ලබා ගැනීමට යම් ක‍්‍රීඩකයෙක් අකමැත්තක් දක්වන්නේ නම් අදාළ ක‍්‍රීඩකයාට ඒ සඳහා මැයි මාසයේ දිනයක් ලබා දීමට නියමිතය.
Discussion about this post