ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නායක භට රොෂාන් අබේසුන්දර පෝක් සමුද්‍ර සන්ධිය හරහා තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩියට පිහිනා ගොස් යළි මෙරටට පැමිණ නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
ඔහු පිහිනා ගිය සමස්ත දුර කිලෝමීටර 59.3කි.
ඒ සඳහා, ඔහු ගත කළ කාලය පැය 28යි මිනිත්තු 19යි තත්පර 43කි.
මීට පෙර 1971 වසරේදී එම වාර්තාවට හිමිකම් කීවේ කුමාර් ආනන්ද වන අතර ඔහුට ඒ සඳහා පැය 51ක පමණ කාලයක් ගතවී තිබුණි.
සාගරය පරිසරය රැක ගැනීමේ පණිවුඩය ලෝකයට ගෙන යාමේ අරමුණින් රොෂාන් අබේසුන්දර මහතා මෙම ඉසව්වට සහභාගි විය.
Discussion about this post