ගෙවුණු දිනයේදීත් 170,000කට ආසන්න ආසාදිතයින් පිරිසක් වාර්තාවීමත් සමග ලොව කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට ඉන්දියාව යළිත් පැමිණ තිබේ.
ඒ අනුව, එරටින් කොවිඩ් ආසාදිතයින් 168,912ක් හඳුනාගත් බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ දක්වා එරටින් හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන 13,527,717කි. මීට පෙර එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවූයේ බ්‍රසීලයයි.
ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇති රට වන්නේ අමෙරිකාවයි.
එරටින් හමුවී ඇති මුළු ආසාදිතයින් ගණන මිලියන 31.2කි.
එන්නත් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ඉන්දියාව මේ වනවිට එරට ජනගහනයෙන් මිලියන 100ක් සඳහා කොවිඩ් එන්නත් ලබාදී තිබේ.
දින 85ක් තුළ ඔවුන් එම ඉලක්කය සපුරාගත් අතර ඒ සමගින් එසේ සිදුකළ වේගවත්ම රට බවට ද ඔවුන් පත්වුණි.
Discussion about this post