ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නවතම ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම නිවේදනයකර තිබේ. එරට ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම කොන්ත්‍රාත් ගිවිසුම පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මේ වසරේ සැප්තැම්බර් දක්වා වලංගු බවය. ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නවතම ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම ප්‍රකාශයට පත් කරමින් ක්‍රීඩකයන් කාණ්ඩවලට බෙදා තිබේ.
එහිදී A+, A, B, C යනුවෙන් කාණ්ඩ 4ක් යටතේ ක්‍රීඩකයන් ගිවිසුම්ගත කිරීමට පියවරගෙන ඇත. ඒ අනුව එම කාණ්ඩවලට අයත් වටිනාකම් වන්නේ පිළිවෙලින් ඉන්දීය රුපියල් කෝටි 7, කෝටි 5, කෝටි 3 සහ කෝටියක් ලෙසය. A+ කාණ්ඩයට විරාට් කෝලි, රෝහිත් ශර්මා සහ ජස්ප්‍රිට් බුම්රා ඇතුළත් වන අතර පසුගිය වසරේ B කාණ්ඩයේ ඇතුළත්ව සිටි හර්දික් පාණ්ඩයා මේ වසරේ දී A කාණ්ඩයට ඇතුළත්ව තිබේ.
A කාණ්ඩයට තවත් ක්‍රීඩකයන් 9 දෙනෙකු ඇතුළත් වන අතර ඊට රවීචන්ද්‍ර අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, චේතේෂ්වර් පුජාරා, අජන්කෙයා රහනේ, ශිකර් ධවාන්, ලෝකේෂ් රාහුල්, මොහොමඩ් ෂාමි, ඉෂාන්ත් ෂර්මා සහ රිෂාබ් පන්ට් ඇතුළත්ය.
උමේෂ් යාදෙව්, බුවනේෂ්වර් කුමාර්, ශර්දුල් තාකූර් සහ මයාන්ක් අගාර්වල් B කාණ්ඩයට අයත් වේ. කුල්දීප් යාදෙව්, නව්දීප් සයිනි, දීපක් චහාර්, ෂුබ්මන් ගිල්, හනුමා විහාරි, අක්සාර් පටෙල්, ශ්රෙයස් අයියර්, වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහෙල් සහ මොහොමඩ් සිරාජ් යන ක්‍රීඩකයින් C කාණ්ඩයට ඇතුළත්ව සිටී.
Discussion about this post