ආබාධ තත්ත්වයක් හේතුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් අයිපීඑල් තරඟාවලියෙන් ඉවත් වී තිබේ. කෙසේ වෙතත් ඔහු කණ්ඩායමට සහයෝගය ලබා දෙමින් ඉදිරියටත් කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පැවැති තවත් තරඟයක් ලකුණු 10කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව විය. තරඟය චෙන්නායි හිදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ පැවැත්විණි.
තරඟයේ කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලබාදුනි.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 152ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 142ක් පමණි.
Discussion about this post