මහ කන්නයට අදාලව මේ වන විට වී මෙට්‍රික්ටොන් 34,000 ක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය සඳහන් කර තිබේ .
එම මිලදී ගත් වී, සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම මහතා සඳහන් කර ඇත.
අලෙවි මණ්ඩලයේ සභාපති ජටාල් මාන්නප්පෙරුම මහතා,
“තාමත් අපිට වී එනවා. දැනට වී මෙට්‍රික්ටොන් 34,000 ක් විතර ගබඩා කරගෙන තිබෙනවා. ඒ සමගම සහල් කරලා අලෙවි කිරීමත් කරගෙන යනවා. අපි ළඟ තියෙන්නේ ඔක්කොම නාඩු. සුදු නාඩු, රතු නාඩු, තම්බපු සහ කැකුළු සහල් අපි නිකුත් කරනවා. රටේ වී තියෙනවා ඕන තරම්.” යැයි වැඩිදුරටත් පැවසීය.
Discussion about this post