මෙරටට ආනයනය කරනු ලබන විවිධ බහාලූම් රේගු අධීක්‍ෂණය යටතේ එකම ස්ථානයක තබා අදාළ පරීක්‍ෂණ නිමවීමෙන් පසු මුදා හැරීමට හැකි වන පරිදි රේගු අංගනයක් ඉදිකිරීම සඳහා කෙරවලපිටිය ප‍්‍රදේශයේ අක්කර විස්සක භූමියක් ලබා ගැනීමට රේගු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මේ සදහා කැබිනට් අනුමැතිය ලැබුණු වහාම ඉදිරි මාසය ඇතුළත එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් විජිත රවිපි‍්‍රය සදහන් කළේය.
මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති පිරිපහදු නොකළ පිළිකා කාරක සහිත පොල්තෙල් ආනයනය කිරීමේ සිද්ධිය මෙන්ම විවිධ ව්‍යාපාරික ආයතන මෙරටට ආනයනය කරනු ලබන ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර පරීක්‍ෂණ නිම වන තෙක් අදාළ ව්‍යාපාරිකයන්ගේ ගබඩාවල තැබීම සඳහා යැවීමට රේගුවට සිදුව තිබුණේ ද මෙවන් විශාල රේගු අංගනයක් නොමැති වීම හමුවේය.
එම තත්ත්වය වළක්වා ගැනීමේ පියවරක් ලෙස මෙම නව අංගනය ඉදිකිරීමට තීරණය කෙරුණු බව ද රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.
Discussion about this post