අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන ඩුබායි හරහා ජර්මනියට සහ කැනඩාවට යාමට තැත්කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අන්සතු ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාව බලා පිටත්ව යෑමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි තැනැත්තා 35 හැවිරිදි චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම ව්‍යාජ වීසා බලපත්‍රයක් සහිතව ජර්මනියට යෑමට පැමිණි 29 හැවිරිදි තරුණිය යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඔවුන් දෙදෙනා ඩුබායි වෙත පිටත්ව යාමට නියමිත “ෆ්ලයි ඩුබායි” ගුවන් යානයකට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් දෙදෙනා ෆ්ලයි ඩුබායි ගුවන් සේවා කවුළුව වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන් සතු ලියකියවිලි ගැන මතු වූ ගැටලු මත එම පුද්ගලයින් දෙදෙනා එම ගුවන් සේවා නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන්තොටුපොළේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
කැනඩාවට ගමන් කිරීමට තැත්කළ පුද්ගලයා සතුව තිබූ ගුවන් ගමන් බලපත්‍රය වෙනත් අයෙකුගේ ගුවන් ගමන් බලපත්‍රයක් බව එහිදී තහවුරු වී තිබුණි. එමෙන්ම ජර්මනිය බලා පිටත්ව යෑමට පැමිණි කාන්තාව සතු වූ වීසා බලපත්‍රයද ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ එකක් බව එම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී තහවුරු වී තිබේ.
රුපියල් මිලියනයක් දුන් පසු තමන් නොහඳුනන තැරැව්කරුවකු මගින් එම ව්‍යාජ වීසා බලපත්‍රය තමාට මොරටුව ප්‍රදේශයේ දී ලැබුණු බව එම කාන්තාව පවසා තිබුණි.
Discussion about this post