ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර වඩාත් තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වෙන බව ඉතාමත් විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ගිවිසුම පිළිබඳව මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් සාකච්ඡාව මේ වන විට පැය කීපයක් පැවැත්වුණ ද එකඟතාවකට පැමිණ නොමැති බව වාර්තා වේ.
ගිවිසුමට අත්සන් කිරීම සඳහා පස්වරු 3.00 දක්වා කලා දී ඇතැයි ද වාර්තා වෙයි.
ක්‍රීඩකයන් කිසිදු ගාස්තුවකින් තොරව රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැමැත්ත පළකර ඇති අතර වාර්ෂික ගිවිසුමට විරෝධය පා ඇත.
මේ අතර වාර්ෂික ගිවිසුම සදහා විරුද්ධ ක්‍රීඩකයන් හට හෝටල් පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස නියෝග කර ඇති බවද වාර්තාවේ.
ක්‍රිකට් පාලකයින් සහ දේශපාලකයින් එකතුව, ලංකික ක්‍රිකට් වසර කිහිපයක් තිස්සේ වලපල්ලට ඇද දමා තිබුණි. වත්මන් පාලකයින් හැසිරෙන ආකාරයට ඉදිරි වසර කිහිපයත් ක්‍රිකට් ලෝලීන් හට සුබ නොවනු ඇත.
Discussion about this post