ප්‍රංශ නාවිකයන් 750 ක පිරිසක් රැගත් ප්‍රංශ නෞකාවක් අද (7 දා) කොළඹ වරායට පැමිණෙයි.
මෙම පැමිණෙන පිරිස මාස තුනක කාලයක් අදාළ නැවේ රැඳී සිට ගොඩබිමකට පැමිණෙන අතර මීළඟට පැමිණීමට නියමිත ගොඩබිම ලංකාව නිසා ඔවුන් මෙරටට පැමිණෙන බව සංචාරක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය. ජෛව බුබුළු සංකල්පයට අනුව මෙම පිරිස සම්බන්ධයෙන් ක්‍රියා කරයි.
මෙම පැමිණෙන පිරිස නැව තුළදී සිදුකරන පී.සී.ආර්. වාර්තාවකින් පසු ගොඩබිමට පැමිණ අද (07) හෙට (08) සහ අනිද්දා (09) මින්නේරිය, සීගිරිය, අනුරාධපුරය, උඩවලව සහ යාල සංචාරය කිරීමට නියමිතය. දින 14 ක නිරෝධායන කාල සීමාව මේ එන පිරිසට අදාළ නොවන බවද එම නිලධාරියා කීය.
ප්‍රංශ තානාපති කාර්යාලය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මේ පිරිස පැමිණෙති. මොවුන්ට පහසුකම් සැලසීම විදේශ කටයුතු අමාත්‍යාංශය සහ නාවික හමුදාව මගින් සිදුකරන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත මෙරටට පැමිණීමට සංචාරක අමාත්‍යාංශය අවසර ලබාදී තිබේ
Discussion about this post