ආණ්ඩුව තෙල් මිල වැඩි කරයි. විපක්ෂයේ සිටියදී තෙල් මිල වැඩිවීමට විරෝදය දැක්වූ ප්‍රබල ඇමතිවරු නිහඩයි.
තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් නිවේදනයක් නිකුත්කරමින් ඒ බව පැවසීය. මෙය හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් වන්නේ නිවේදනයෙන් ඇති පලක් නැති නිසාය.
මුලු මහත් ජනතාවම අන්ත අසරණව සිටින මොහොතක ආණ්ඩුව තම අමානුෂික හා වියරු ස්වභාවය යළිත් එළිදක්වමින් තෙල් මිල වැඩිකරමින් මරුප්‍රහාරයක් එල්ලකර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දිනපතා ජනතාවට මරුපහරවල් එල්ල කරන ආණ්ඩුව ඉකුත් 11දා රාත්‍රියේ නවතම
ප්‍රහාරය එල්ලකොට තිබේ.මුලුමහත් ජනතාවම අන්ත අසරණව සිටින අතර ,අවම මානව හැඟීමක් හෝ තිබෙන පාලකයකුට කිසිසේත්ම කළ නොහැකි ලෙස ආණ්ඩුව තෙල් මිල ඉහළ දමමින් තම අමානුෂික මුහුණුවර සහිත වියරු ස්වභාවය යළිත් එළිදක්වා ඇත.
ජීවන වියදම් පිළිබඳව අමාත්‍ය අනුකමිටුව අදාල තීන්දුව ගත් බව ආණ්ඩුව පවසන අතර මෙවන් ව්‍යසනයක් මොහොතක තෙල් මිල ඉහළ දමා ජනතාව අන්ත අසරණ කිරීමට ගත් තීන්දුවම සැහැසි සහ අශිෂ්ටයැයිද විපක්ෂනායක සඳහන් කරයි.
විපක්ෂ නායකයාත් ආණ්ඩුවෙන් නඩත්තු වන සහ පාලනය වන රුකඩයක් වන විට මෙයට වැඩ කුමක් බලාපොරෝත්තුවන්නද ??.
Discussion about this post