කොරෝනා පාලන සහ රජයේ අනෙකුත් වියදම් සඳහා රුපියල් කෝටි විසි දහසක මුදලක් අනුමත කර ගැනීම සඳහා ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.
ඒ මේ සම්බන්ධයෙන් පැවති විවාදයෙන් පසුවය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළේය.
රජයේ මුල්‍ය විනය සහ අක්‍රමිකතා පිළිබදදැඩි අප්‍රසාදයක් ජනතාවගෙන් මතුවෙමින් පවතින මෙම අවස්ථාවේ, සම්මත කරගත් මුළු මුදල වියදම් කරන ආකාරය විමසා බැලීම විපක්ෂයේ වගකීම වේ.
Discussion about this post