එංගලන්ත තරග සංචාරයක නිරතව සිටියදී රාත්‍රී කාලයේ හෝටලයෙන් පිටත රැදී සිටි බවට චෝදනා එල්ල වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අද (28) රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට n ආයතනය තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.
එම ක්‍රීඩකයා තිදෙනාටම තාවකාලික තහනමක් පැනවූ බවත් එම තහනම යටතේ විනය පරීක්‍ෂණය පවත්වන බවත් සභාපතිවරයා පැවසීය.
20/20 තරග තුනම අන්ත පරාජයකට පත්වී, ප්‍රේක්ෂකයන්ගේ ගර්භාවට පත්වී ඇති කණ්ඩායමත්, පුද්ගලික ලාබ සහ මුදල් ඉපයීම පමණක් ඉලක්ක කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත්, ක්‍රිකට් ලෝලීන්ගෙන් ප්‍රසිද්දියේ අවමන් විදින අතර, මෙම අවස්ථාව තම ගැලවීම සදහා භාවිතා කර ක්‍රීඩකයින් බිලිදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එදත් අදත් ප්‍රකට ක්‍රියාවකි.
Discussion about this post