බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (08 දා) දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයෙහි ඊයේ දින දිවුරුම් දීමත් සමගම රාජපක්‍ෂ පවුලේ රාජපක්‍ෂවරු 05 දෙනෙක් මැති සබයේ සිටිති.
ඒ මහතා නව මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දෙන විට ඇමැති විමල් වීරවංශ හෝ දයාසිරි ජයසේකර යන මහත්වරු සභාවෙහි නොසිටියහ.
ඒ අතර බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ඊයේ (08) පෙරවරුවේ දිව්රුම් දුන්නේය. පොදුජන පෙරමුණු පක්ෂයේ නිර්මාතෘවරයාද වන බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂය පිහිටුවා කෙටිකලක් තුළදී ජනාධිපතිවරයකු සහ තුනෙන් දෙකක බලයකින් යුත් ආණ්ඩුවක් පිහිටුවීමේ ලා පුරෝගාමී භූමිකාවක් ඉටුකළ කෘතහස්ත, පරිණත, දැඩි සංවිධාන ශක්තියක් හිමි දේශපාලනඥයකු වශයෙන් රටේ පිළිගැනීමට ලක් වී සිටියි. මේ පසුබිමේ බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ආගමනය අහඹු සිදුවීමක් නොවේ. සිදුවූයේ එය තරමක් ප්‍රමාද වීම පමණි.
මුදල් අමාත්‍ය ධුරය යනු ජනාධිපති සහ අගමැති ධුර දෙකට පමණක් දෙවැනි වන බලසම්පන්න අමාත්‍ය ධුරය වෙයි. රජයේ අනෙකුන් ප්‍රබල අමාත්‍ය දුරයන් මෙන්ම බැසිල් රාජපක්ෂ මහතා හටද ඉහල අධ්‍යාපන පසුබිමක් නොමැති වුවද, බැසිල් රාජපක්ෂ මහතාට පැවරෙන්නේ භාරදූර වගකීම් සමූහයකි. එම වගකීම් සමූහය ඔහු අතින් ඉටුවනු ඇතැයි ඔහුගේ සෙසු මැති ඇමැතින් මෙන්ම පාක්ෂිකයන්ද තබා ඇත්තේ විශාල බලාපොරොත්තුවකි.
අද රට මුහුණ දී සිටින බරපතළ ගැටලු අතර ඩොලර් අහේනිය, සංචිතය ක්ෂය වීම,රටේ ආර්ථිකයේ කඩා වැටීම, කොරෝනා වසංගත ව්‍යාප්තිය, රසායනික පොහොර ආනයනය අත්හිටුවීම, පොහොර ප්‍රශ්නය හේතුවෙන් ඉදිරියේදී සහල් ඇතුළු බෝග වගාවල අස්වැන්න අඩුවීම, ඔහු ඉදිරියේ ඇති අභියෝග කිහිපයකි.
විපක්ෂයේ දේශපාලන පක්ෂවල ප්‍රධානීන්ගේ විවේචනයන්ට අනුව රජයේ මෙහෙයුම් යාන්ත්‍රණය පිටුපස මේ දක්වාම බැසිල් රාජපක්ෂ මහතා ප්‍රබලම චරිතයකි. රජය මෙතෙක් ගනු ලැබූ තීන්දු පිටුපසද ඒ මහතා සිටි බැවින් රට අද මුහුණ දී සිටින තත්ත්වයට ඒ මහතාද වගකිවයුතු බවය.
රටේ වියදම් වලින් වැඩි ප්‍රමාණයක් දේශපාලකයින් නඩත්තු කිරීම සහ කොමිස් ලෙස ගසා කා ඇති රටක, පෙර දුෂණ චෝදනා ලැබුවකු ලෙස මෙම මුදල් ඇමතිකම තමන්ගේ නම සෝදා ගැනීම සදහා ජනතාව වෙනුවෙන් සාධනීය සේවාවක් වෙනුවෙන් කැපවීම හෝ දේශපාලකයන් වෙනුවෙන් නැවතත් ජනතා මුදල් ඩීල් දේශපාලනයක් වෙනුවෙන් යොමුවන්නේද යන්න, බැසිල් ගේ පමණක් නොව සියලු රාජපක්ෂ වරුන්ගේ හෙට දවස තීරණය කරන්නක් වනුඇත.
යුද ජයග්‍රහණය හරහා කොන්දේසි විරහිතව ජනතාවගේ අතිශය ගෞරවයට, බහුමානයට, ආදරයට, පාත්‍රව සිටි රාජපක්ෂවරුන්, පසුකාලීනව දේශපාලනයේ පරාජයන් ලබන්නට බැසිල්, නාමල්, ශෂින්ද්‍ර වැනි අයගේ කුප්‍රකට මුදල් අවභාවිතව පිළිබද චෝදනා ඉවහල් විය. මෑතකදී රාජපක්ෂ වරුන් ගත් තකතීරු තීරණයක් වුයේ , එම චෝදනා නිසි පරීක්ෂණයකින් හෝ නඩු විභාගයකින් තොරව කොමිසමක් හරහා නඩු ඉවත් කිරීමයි, 69 ලක්ෂයක් චන්ද දායකයක් අතර සිටි මධ්ද්‍ය්ස්ත මතධාරීන් වැඩිමනක් දුරස්ත්ත කිරීමට එම ක්‍රියාදාමය ඉවහල් විය.
ගෝඨා, මහින්ද, බැසිල් ප්‍රමුක රාජපක්ෂ වරුන්ගේ හෙට දිනයේ බලය පාවිච්චිය, ජනතාවගේ සුභසිද්ධිය සදහාද, විපක්ෂය මුදල් යොදවා පාලනය කිරීම ද , ඩීල් දැමීම ද, තමන්ගේ ඇම්බැට්ටයන් පිනවිමද, යන්න, පාවෙන චන්ද දායකයට දැනෙන ආකාරයට. තවත් ‘සිරිසේන’ කෙනෙකු බිහිවීම හෝ නොවීම තීරණය කරනු ඇත.
Discussion about this post