අන්තර්ජාලය ඔස්සේ අළෙවි වූ බාලවයස්කාර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් ක්‍රිඩා කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයා සහ රජයේ ප්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමණාකාරවරයා හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් පිරයන්ත ලියනගේ මහතා පසුගිය (11) දා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර කළේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි පොලිස් ක්‍රිඩා කොට්ඨාසයට අනියුක්තව රාජකාරිකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ මහනුවර ප්‍රදේශයේ පදිංචි රජයේ බැංකුවක හිටපු කළමණාකාරවරයෙකි.
මෙම සිද්ධියට අදාළව 28 වන සැකකරු වන උප පොලිස් පරික්ෂකවරයා පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් අතර 29 වන සැකකරු වන බැංකු කළමණාකාරවරයා මහනුවර ප්‍රදේශයේ දී පසුගියදා (11) පෙරවරුවේදී අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඒ අනුව මෙම සැකකරුවන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
මෙම සිද්ධියේ 12 වැනි සැකකරු ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මේ වන විට එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනගාර ගත කර ඇත.
මේ අතර වෙබ් අඩවි කිහිපයක් අනුව බාලවයස්කාර දැරිය දූෂණය කළ සල්ලාලයන් සෙවීම නවතා දමා ඇති බව වාර්තාවේ. ඊට ආසන්නතම හේතුව වාර්තාවන ආකාරයට මෙසේය.
දැනට හෙළිදරව් වී ඇති සාක්ෂි අනුව මෙම 15 හැවිරිදි දැරිය දූෂණය කළ පිරිස මේ වන විට ඉලක්කම් තුනේ සීමාව ද ඉක්මවා ගොස් ඇත. ඒ අතර බෞද්ධ භික්ෂූන් විශාල පිරිසක් සිටිති. කැලණිය ඊරිවැටිය ලුම්බිණි විහාරයේ විහාරාමාධිපති පනස් වියැති කෑගල්ලේ ප්‍රඥා විශුද්ධි නම් චීවරධාරියාගෙන් බෞද්ධ භික්ෂූන් හෙළිදරව්වීම ආරම්භ වූ අතර, ඒ නම් අතරේ කොටුවේ පොඩි නම ලෙස ප්‍රසිද්ධ චීවරධාරියා ද සිටී බව වෙබ් අඩවි කිහිපයක් වාර්තාකර තිබුනි.
එම වෙබ් අඩවි වාර්තා කරන පරිදි දැරිය දූෂණය කළ පිරිස් අතර වැඩිම වාර ගණනක් දැරිය දූෂණය කර ඇත්තේ ඉහත කී ඊරිවැටිය ලුම්බිණි විහාරයේ, කෑගල්ලේ ප්‍රඥා විශුද්ධි ය. ඔහු දැරිය රුපියල් විසිදහස බැගින් ගෙවා දස වතාවකට වැඩිය පරිහරණය කර තිබේ.
ප්‍රඥා විශුද්ධි චීවරධාරියා සේම නාවික හමුදා විශේෂඥ වෛද්‍ය දිමුත් ද සිල්වා ද අත් අඩංගුවට පත්වීමත් ඔවුන් හෙළිදරව් වීමත් සමග බියට පත්වී ඇති කොටුවේ පොඩි නම ජනපති ගෝඨාභයට කථා කොට තමන් බේරා දෙන ලෙසත් මේ සා විශාල භික්ෂූන් මේ සිද්ධියට අත් අඩංගුවට පත්වුවහොත් සාසනය කඩා වැටෙන බවත් කියමින් හඬා වැටී ඇත.
සාසනය කඩා වැටීමෙන්’බේරා ගත හැක්කේ මෙවැනි චීවරධාරීන් නිතිය හමුවට පමුණුවා, සාධාරණ පරීක්ෂණයක් මගින් සහ නිතිය ක්‍රියාත්මක කිරීම මගින් වරදකරුවකු හෝ නිවැරදිකරුවකු බවට ඔප්පු කිරීමෙන් මිස නිතිය නැමීමෙන් නොවන බව බලධාරීන් තේරුම් ගත යුතුය.
Discussion about this post