සිරස මාධ්‍ය ජාලය ඇතුළු, අති දැවැන්ත ව්‍යාපාර ගණනාවක ප්‍රධානියකුවූ කිලී රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වූයේ අද අලුයමයි.
ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙක්වු වුවකොරෝනා වෛරසය ආසාදන වීම හේතුවෙන් කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වූ බව සඳහන්ය.
කිලී රාජමහේන්ද්‍රන් මහතාගේ අවසන් කටයුතු ඉතා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් අද කොලබදී සිදු කෙරින.
ලංකාවේ රජුන් තනන්නකුවූ කිලී රාජමහේන්ද්‍රන් මහතා, තිරය පිටුපස දේශපාලනයේ ප්‍රබලයකු විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සොරුන්ගේ ග්‍රහණයට නතු වන්නට ප්‍රථම, ඒ මහතා තමන්ගේ ව්‍යාපාර හරහා සහ පුද්ගලිකවත් ලංකික ක්‍රිකට් වෙනුවෙන් තමන්ගේ ධනය සහ සම්බන්ධතා හරහා ඉමහත් සේවයක් සැලසිය. ටෙස්ට් ක්‍රිකට් තත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීමට 1980 දශකය මුලදී කැපවී කටයුතු කළ අයෙකු ලෙස මහරාජා සමූහ ව්‍යාපාරය අධිපති රාජා මහේන්ද්‍රන් සැලකේ.ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපතිවරයෙකු ලෙස ඒ වෙනුවෙන් සිදු කළ සේවය අගය කර ඇත.
ලාංකීය ජනමාධ්‍ය තුල පළමු පුද්ගලික හිමිකාරිත්වයක්ගු සහිත ගුවන් විදුලි සහ රුපවාහිනී නාලිකාවූ සිරස හරහා ජනමාධ්‍ය තුල පෙරගමන් කරුවකු විය.
Discussion about this post