දෙපාර්තමේන්තු, රාජ්‍ය, සංස්ථා ඇතුළු රාජ්‍ය අංශයේ සියලු ව්‍යවස්ථාපිත ආයතන නියෝජනය වන පරිදි දෙසැම්බර් 31 දිනට රාජ්‍ය සේවකයන් තිස්දහසක් විශ්‍රාම ගැන්වීමට නියමිත බවත් එම රාජ්‍ය සේවකයන්ගෙන් පුරප්පාඩු වන සියලු තනතුරු සඳහා යළි බඳවා ගැනීමක් සිදුනොවනු ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේ ය.
රාජ්‍ය අංශයේ සියලු බඳවා ගැනීම් නතර කරන ලෙසට චක්‍රලේඛයක් මගින් දැනුම් දී නොමැති නමුත් විශ්‍රාම යන පිරිසෙන් ඇතිවන සියලු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට හැකියාවක් නොමැති බව ද හෙතෙම කීවේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතිවන සියලු පුරප්පාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව පැවසූ වක්කුඹුර මහතා මුදල් අමාත්‍යාංශයේ හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබෙන ආකාරයට අනෙකුත් රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීම් සිදුකරන බව ප්‍රකාශ කළේ ය.
2020දී පැවැත්වූ තරග විභාගයකින් ලකුණු 100ට වඩා ලබාගත් 1,400කට කාර්යාල කාර්ය සහායක පත්වීම් ලබා දීමට කටයුතු කරගෙන යන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.
Discussion about this post