ඕස්ට්‍රේලියාවේ ප්‍රවීණ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් දකුණු අප්‍රිකාවට එරෙහිව සිය 100 වැනි ටෙස්ට් තරගයේදී ශතකයක් ලබා ගත්තේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔහු තම හොඳම දක්‍ෂතා දක්වමිනි. 36 හැවිරිදි ඔහු ටෙස්ට් ලකුණු 8,000ද පසු කළේය. එය 2020 ජනවාරි මාසයෙන් පසු ඔහු ලබාගත් පළමු ටෙස්ට් ශතකය වූ අතර ඔහු දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී පන්දු 144කදී හතරේ පහර 8ක් සමඟින් ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වෙමින් ලකුණු රැස් කලේය.
Discussion about this post