උතුරු කොරියාව විසින් කෙටි දුර බැලස්ටික් මිසයිල තුනක් කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර මුහුද දෙසට එල්ල කර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි.
2017 වසරෙන් පසු ප්‍රථම වතාවට උතුරු කොරියාව දකුණු කොරියාවේ ගුවන් සීමාවට ඩ්‍රෝන යානා පියාසර කර දින පහකට පසුව මෙම නවතම අත්හදා බැලීම සිදු කර ඇත.
උතුරු කොරියාව මේ වසරේ වෙන කවරදාටත් වඩා මිසයිල ප්‍රමාණයක් දියත් කර ඇත.
වොෂින්ටනය පවසන්නේ මිසයිල දියත් කිරීම් එක්සත් ජනපදයට හෝ එහි සහචරයින්ට ක්ෂණික තර්ජනයක් නොවන බවයි.
කෙටි දුර බැලස්ටික් මිසයිල තුන එරට වේලාවෙන් උදෑසන 08:00 (GMT 23:00) ට Pyongyang අගනුවරට දකුණින් පිහිටා ඇති Hwanghae පළාතේ සිට තබා ඇති බව දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් පැවසූ අතර “උතුරු කොරියාවේ බැලස්ටික් මිසයිල දියත් කිරීම කොරියානු අර්ධද්වීපයේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේ සාමය සහ ස්ථාවරත්වය අඩපණ කරන බරපතල ප්‍රකෝප කිරීමකි,” ඔවුන් වැඩිදුරටත් පැවසීය.
Discussion about this post