කොළඹ, කැලණිය, කළුතර, පානදුර, නුගේගොඩ ප්‍රදේශවලට හෙරොයින්, ගංජා සහ හෂීස් ඉතා සූක්ෂම ලෙස බෙදාහරිමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් රුපියල් කෝටි 07 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකපිට අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් ඊයේ (08) අළුයම සමත්විය.
මෙම වැටලීමේදී හෙරොයින් කිලෝ ග්රෑම් 01 ක්, කේරළ ගංජා කිලෝ 125 ක් සහ හෂීස් කිලෝ 2 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් තිදෙනෙක් ඊට අදාලව අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් කොටහේන, වත්තල, දික්ඔය ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් වන අතර වත්තල ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් ගනිමින් මෙම ජාවාරම් සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
මෙම සැකකරුවන් පිලිබදව රදවා ගැනීමේ නියෝග ලබාගනිමින් විමර්ශනය කිරීම මාලිගාවත්ත පොලිසිය විසින් සිදුකරයි.
Discussion about this post