සියලුම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගත යුතු බවට දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිපියක් නිකුත් කර තිබේ.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ලිපිය සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය / සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත යොමුකර ඇත.
මේ අතර වේගයෙන්ය ඇති වෙමින් ආ මහජන විරොධය හමුවේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා ඇප මුදල් භාරනොගන්නා ලෙස දන්වා තමන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යැවූ ලිපිය ආපසු කැඳවා ඇත.
ඊට අදාළ ලිපිය පහතින්..
Discussion about this post