නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට අයත් මත්තල ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගංජා වගාකළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය, කතරගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.
එම සැකකරු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට අයත් අක්කර අක්කර 2 ½ ක පමණ භූමි ප්‍රමාණයක නීතිවිරෝධී ලෙස ගංජා වගා කර ඇති බව සඳහන් වෙයි.
අඩි 4½ ක් 5ක් පමණ උස ගංජා ගස් 18,956ක් මෙම හේනේ තිබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
Discussion about this post