2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් වන්දි ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු හිටපු රජයේ නිලධාරීන් පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
බුද්ධි තොරතුරු තිබියදී පාස්කු ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියා නොකිරීම නිසා සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
හිටපු ජනාධිපති සිරිසේනට රුපියල් මිලියන 100ක් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50 ක මුදලක්ද ගෙවන ලෙස නියෝග කර තිබේ.
මේ අතර හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මිලියන 75 බැගින් වන අතර ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක මුදලක් නියෝග කර තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ගේ පවුල්, කතෝලික පූජකවරුන් ඇතුළු කිහිප දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම් 12ක් විභාගයට ගැනීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.

Discussion about this post