පොදු ජන පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ නව දේශපාලන දීගය නිසා තරුණයෙකු අසරණ වූ පුවතක් ගම්පහෙන් වාර්තා වෙනවා.
වාර්තා වන ආකාරයට සිදුවීම මෙසේය.
ත්‍රී රෝද රථ රියදුරෙකු වූ මෙම තරුණයා පසුගිය කාලය පුරාවටම පොහොට්ටුවේ දේශපාලනය වෙනුවෙන් කැප වී කටයුතු කරනු ලැබුවා.එහෙත් ඔහුගේ බිරිඳගේ මව පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයෙකු වන අතර ඔවුන් දෙදෙනා අතර නිවසේදී පවා වරින් වර බහින් බස් වීම් සිදුව තිබෙනවා.
ඊයේ දිනයේදී මෙම දේශපාලන පක්ෂ දෙක එකට එක් වී ජන්දයට ඉදිරිපත් වන බැව් ප්‍රකාශයට පත් කළ අතර එම පුවත සැලවීමත් සමඟම මෙම තරුණයා දැඩි ලෙස අසරණ වී ඇත්තේ මෙතෙක් කාලයක් නයි-මුගටියන් සේ සිටි නැන්දම්මා හා ඉදිරියට කටයුතු කරන්නේ කෙලෙසද යන්න සිතමිනුයි.
අදාළ පුවත දැනගත් පසුව ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන සිය ගමේ අපේක්ෂකයෙකුට දුරකථනයෙන් අමතා අසා ඇත්තේ ” සර්..මන් කොහොමද අපේ නැන්දම්මගේ මූණ බලන්නේ ? ” යනුවෙනුයි.
කෙසේ වෙතත් අදාළ අපේක්ෂකයා දුරකථන ඇමතුම විසන්ධි කර තිබෙනවා.
Discussion about this post