රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිසම හමුවට අද (13) කැඳවනු ලැබීය.
ඒ පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර නොගන්නා ලෙස අමාත්‍යමණ්ඩල තීරණයක් බව සඳහන් කරමින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට නිකුත් කරන ලද ලිපිය පිළිබඳව කරුණු විමසීම සඳහාය.
කැබිනට් තීරණයකට අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂක ඇප මුදල් භාර ගැනීමෙන් වළකින්නැයි සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට නීල් බණ්ඩාර හපුහින්න මහතා ලිපියක් නිකුත් කළේ, පසුගිය 10 වැනිදායි.
පැය කිහිපයක් ඇතුළත තමන් කළ නියෝගය ආපසු කැඳවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගත් අතර ඔහු පැවසුවේ, අදාළ නියෝගයේ පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ආපසු කැඳවූ බව ය.
Discussion about this post