පළාත් පාලන ඡන්දය සදහා ඇප මුදල් භාර ගැනිම නවතා දමන ලෙස දිස්ත්‍රීක් ලේකම් වරුන් සදහා තමා විසින් නිකුත්කල ලිපිය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව යම් අපහසු තාවයකය පත් වූවා නම් ඒ පිලිබද තමා මැතිවරණ කොමිශන් සභාවෙන් සමාව අයද සිටින බවට රාජ්‍ය පරිපාලන ලේකම් නීල් හපුහින්න මහතා මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කර ඇත.
ඉදිරියේදී එවැනි තත්වයක් ඇති නොවන බවටද ඒ මහතා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
ඉකුත් 10 වැනි දින පාරිපාලන ලේකම් වරයා නිකුත් කළ ලිපිය පිලිබදව මැතිවරණ කොමිෂන් සභාව ලේකම් වරයා කැදවා කරුණු විමසු අවස්ථාවේ මේ බව පරිපාලන ලේඛම් වරයා පවසා ඇත.
Discussion about this post