රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව වාර්තාවෙයි.
ඊට හේතුව වී ඇත්තේ පසුගිය අරගල සමයෙහි ජනාධිපති මැදුර අරගලය අරලියගහ මන්දිරය ඇතුළු ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන වලට අරගලකරුවන් කඩා පැනීම වැලැක්වීමට ආරක්ෂක අංශ නිසි පරිදි මෙහෙය වීමට අසමත් වූයේ යයි ආරක්ෂක ලේකම්වරයාට චෝදනා එල්ල වීමයි.
ඒ අනුව නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කිරීමට යෝජනා වී ඇත්තේ විශ්‍රාමික යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතායි.
මෙම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයෙකු වන රුවන් විජයවර්ධන විසිනි.
Discussion about this post