ආර්ථිකය කඩා වැටුණ රටක ජනතාවට විඳීමට සිදුවන දුෂ්කරතා අමුතුවෙන් කිව යුතු නැති බව ජනාධිපති රනිල් වීක්‍රමසිංහ පවසනවා. ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
අපි ඉන්නේ කඩා වැටුණු ආර්ථිකයක් ඇති රටක. ආර්ථිකය කඩා වැටුණ රටක ජනතාවට විඳීමට සිදුවන දුෂ්කරතා අමුතුවෙන් කිවයුතු නැහැ.
අද රටේ ජනතාව විඳින දුක මම හොඳට දන්නවා. අපි දකිනව රැකියා අඩුවෙනවා. උද්දමනය නිසා විශේෂයෙන් ජීවන බර වැඩිවෙලා තිබෙනවා.
ජනතාවගේ ජීවන චර්යාව වෙනස් වෙනවා. එදා තිබුණ පහසුකම් නැති වෙලා තිබෙනවා. අධ්‍යාපන, සෞඛ්‍ය සෑම ක්ෂේත්‍රයකටම මෙය බලපා තිබෙනවා.
මේ හැම එකක්ම මේ ආර්ථිකය කඩා වැටීම සමඟ ඇතිවන තත්ත්වයන්. මෙය සිදුවූයේ කෙසේ ද කියා දැන් කතා කරලා වැඩක් නැහැ. දැන් එය සිදුවී අවසන්”යැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා.
Discussion about this post