ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වැරදි සිදු කළ බව කියන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ජනවාරි 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රකාශ කළේ වසන්ත මුදලිගේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයැදුම්පත සම්බන්ධයෙන් වන නියෝගය ජනවාරි 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද රැඳවුම් නියෝගයක් යටතේ මුදලිගේ දින 90ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටියේය.
Discussion about this post