එළබෙන පළාත් පාලන මැතිවරණය රටේ අනාගතය තීරණය වන හැරවුම් ලක්ෂය බවත්, මේ මැතිවරණය පැමිණෙන්නෙ තීරණාත්මක අවස්ථාවක බවත් ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා අද දින පැවති සිරස පැතිකඩ වැඩසටහනනේදී පැවසීය. ජනතාව ප්‍රධාන පක්ෂ දෙක දෙකක් නොව එකක් බව තේරුම් ගෙන ඇති බවත් ජනතාව පාරට පැමිණ පාලකයින් පලවා හැරීමට කටයුතු කලත් ඔවුන්ගේ අභිලාෂයන් ඉෂ්ඨ නොවූ නිසා මැතිවරණය හරහා එය ඉෂ්ඨ කර ගැනීමට උත්සාහ කරනු ඇති බවත් ඔහු පවසනවා.
ඔහු තව දුරටත් ප්‍රකාශ කලේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන නායකයින් පළාත් පාලන ආයතන වලට තරග කරන බවත් දැනට ඔවුන්ගේ නම් ප්‍රකාශ නොකරන බවත්ය.
Discussion about this post