මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය අතර තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්බන්දයෙන් හටගෙන ඇති ගැටුම දිස්ගැස්සෙන තත්වයක් නිර්මාණය වෙමින් පවති.මැතිවරණ කොමිශන් සභාව, පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම මාර්තු 28/31 යන දිනවල සිදු කිරීමට තීරණය කීරීමෙන් පසු, මෙම ගැටුම්කාරී තත්වය හටගෙන ඇති බව වාර්තා වේ.තැපැල් ඡන්ද පත්‍රිකා මෙම මස 15 වෙනිදා ලබා දෙන ලෙස මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා තමාට දැනුම් දුන් අවස්ථාවේ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලැබී නොමැති බවත්, 16 වැනිදා තැපැල් ඡන්ද පත්‍රිකා ලබා දීමේ ඇති අපහසුකම් පිලිබඳ දැනුම් දුන් බවත්, මුද්‍රණාලයාධිපතිනිය ගංගානි ලියනගේ මාධ්‍යයට පැවසූවාය.මුදල් ලේකම්වරයා විසින් සේවා සහ මිලදී ගැනීම් අත්හිටුවන ලෙසට නිකුත් කර ඇති චක්‍රලේඛය නිසි මුදල් ලැබෙන තෙක් ඉදිරි මුද්‍රණ කටයුතු සිදු කළ නොහැකි තත්වයක් උද්ගතව පවතිනබවද මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළාය.
ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුද්‍රණ කටයුතු සිදුකිරිම රජයෙ මුද්‍රණාලය සතු කාර්යක් උවත් ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දීමට මැතිවරණ කොමිශන් සභාව ඍජුව මැදිහත් විය යුතු බවත් පෙන්වා දෙන මුද්‍රණාලයාධිපතිනිය මේ වන විට මුදල් ලබාදෙන ලෙස ඉල්ලා මුදල් ලේකම්වරයා වෙත ලිපි දෙකක් යවා ඇති බවත් එම ලිපිවලට මේ වන තෙක් කිසිදු පිළිතුරක් තමාට ලැබී නැති බවත් පැවසුවාය.පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රමාද කිරීමට රජයේ මුද්‍රණාලයාධිපතිනිය කටයුතු කරන බවට මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා චෝදනා කරන්නෙ මුහුණපා සිටින මූල්‍ය අර්බුදය ගැන කිසිවක් නොදන්නා අයෙකු ලෙසයැයිද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දී තිබියදි ඡන්දය සඳහා ලැබිය යුතු මුදල් මෙතෙක් තමා වෙත නොලැබුන බවත් ඇය සඳහන් කළාය.
ඇස්තමේන්තුගත මුදලට වඩා වැඩි මුදලක් මුද්‍රණ කටයුතු සඳහා ගෙවීමට සිදු වී ඇති බව පෙන්වාදුන් මුද්‍රණාලයාධිපතිනිය අවශ්‍ය මුදල් හා පොලිස් ආරක්ශාව ලබා දෙන තෙක් ඉදිරි මුද්‍රණ කටයුතු සිදු කිරීමට නොහැකි බව පැවසුවාය.
දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා පොලිස් ආරක්ෂාවක් නොමැතිව මුද්‍රණය කළ නිසා පොලිස් ආරක්ෂාව ඇතිව එම ඡන්ද පත්‍රිකා පරීක්ශා කරන තෙක් නිකුත් කළ නොහැකි බවද සඳහන් මුද්‍රණාලයාධිපතිනිය මෙතෙක් පැවති ඡන්දවලදී මැතිවරණ කොමිශන් සභාව මගින් මුදල් ලබා දුන් බවත් මේ ඡන්දයේදී මුදල් ඉල්ලා මුදල් ලේඛම් පසුපස යෑමට තමාට සිදු වී ඇති බවත් කවුරුකවුරුත් වගකීම ඉටු කරනවානම් මෙවැනි තත්වයක් ඇති නොවන බවත් පෙන්වාදුන්නාය.
රජයේ මුද්‍රණාලයෙන් සිදු කළ යුතු කාර්ය භාරය අවසන් කිරීමට දින 25-30 අතර කාලයක් ගතවන බැවින් මුදල් හා පොලිස් ආරක්ෂාව ලැබෙන දිනයේ පටන් එම කාලය තුල මුද්‍රණ කටයුතු අවසන් කරන බවත් ඇය පැවසුවාය.දිස්ත්‍රික්ක 17 ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ තිබියෙදි එම ඡන්ද පත්‍රිකා රජයේ මුද්‍රණාලයාධිපති විසින් භාරදුන්නාම් එම දිස්ත්‍රික්ක වල ඡන්දය සලකුණු කිරීමට හැකියාව තිබුන බවත්,එසේ සිදු උනානම් පවතින තත්ත්වයේ වෙනසක් ඇති වීමට ඉඩ තිබුන බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මාධ්‍යට පැවසීය.එවැනි පසුබිමක් ඇති වීම සම්බන්දයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිනිය වගකීම භාර ගත යුතුව ඇතැයි සභාපති වරයා සඳහන් කළේය.
පොලිස් ආරක්ෂාව නොමැතිව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළානම්, එම ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට හැකියාවක් තිබෙන බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මුදල් ආමාත්‍යංශයේ ලේකම් වරයා මුදල් ලබාව් නොදීම සහ සේවා සහ මිලදී ගැනීම් පාලනය කිරීමේ චක්‍රලේඛය හේතුවෙන් මේ වන විටඅ ප්‍රශ්නයක් පවතින බවද සභාපතිවරයා සඳහන් කළේය.
Discussion about this post