ගතවූ පැය 24 තුළ ලෝකයේ රටවල් රැසකින් කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තා වී තිබෙනවා.
ඒ අනුව අසල්වැසි ඉන්දියාවෙන් ආසාදිතයන් 524ක් වාර්තා වී ඇති අතර, දින 113කට පසුව එරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව එය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එසේම ඉන්දියාවෙන් එක් මරණයක් ද වාර්තා වී ඇති අතර, මේ වනවිට එරට ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව 3,600 ඉක්මවා තිබෙනවා.
ජපානයෙන් ද ගතවූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 7,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, මරණ 43ක් ද සිදුව ඇති බවයි පැවසෙන්නේ.
එසේම දකුණු කොරියාව තුළ ද කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.
ගතවූ පැය 24 තුළ එරටින් ආසාදිතයන් 9,342ක් වාර්තා වී ඇති අතර මරණ 07ක් වාර්තා වන බව සඳහන්
Discussion about this post