විරෝධතා අරගල කරන අත්‍යවශ්‍ය සේවා වෘත්තිකයන්ට වෙනත් කිසිදු රටකට යම් සඳහා අවශ්‍ය පොලිස් වාර්තා ලබා නොදිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
අත්‍යවශ්‍ය සේවා රාජකාරි ක්‍රමය වර්ජනය කළහොත් අත්‍යවශ්‍ය සේවා පනත යටතේ කටයුතු කළ යුතු බවත් ඔහු කියා සිටියි.
සුළු කණ්ඩායමකට රටක් අරාජික කිරීමට ඉඩ දිය නොහැකි බව වර්ජනය කරන කණ්ඩායම් ජනතාව එකතු වී පන්නා දැමීමට කටයුතු කළ යුතු බවද හෙතෙම පැවසීය.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.
Discussion about this post