කේෂ්ත්‍ර රැසක වෘත්තිකයෝ අද (මාර්තු 15 වැනිදා) පැය 24ක වැඩ වර්ජනයක නිරත වෙති.
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සංවිධාන කරන මෙම වැඩ වර්ජනයට වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් එක්වෙන අතර රාජ්‍ය හා අර්ධ රාජ්‍ය තවත් වෘත්තීය සමිති රැසක් ද සහය දක්වනු ඇත.
වැඩ වර්ජනය හේතුවෙන් දැනටමත් සෞඛ්‍ය, තැපැල්, දුම්රිය ඇතුළු කේෂ්ත්‍ර රැසක සේවා අඬාල වී ඇති අතර අධ්‍යාපන, වරාය, විදුලිබල, ජල සම්පාදන, ඛණිජ තෙල්, මාර්ග සංවර්ධන හා බැංකු සේවා වෘත්තිකයෝ ද වෘත්තීය ක්‍රියාමාර්ගයට එක් වෙති.
ඉල්ලීම් මොනවාද?
වර්ජනයට ප්‍රධාන හේතුව වන්නේ වෘත්තිකයන් අසාධාරණ යැයි හඳුන්වන රජයේ නව බදු ප්රතිපත්තියයි.
- රුපියල් ලක්ෂයට වැඩි අදායම මත 6% සිට 36% දක්වා අය කරන නව උපයන විට බදු
- ඒ අනුව වෘත්තිකයින්ගේ ප්‍රමුඛතම ඉල්ලීම එම අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම ය.
- මීට අමතරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති ඉල්ලා සිටින්නේ බැංකු ණය පොලී අනුපාත අඩු කරන ලෙසය.
- විදුලි බිල අඩු කිරීම ඔවුන්ගේ තවත් ඉල්ලීමකි.
- රුපියල් 20,000ක ජීවන වියදම් දීමනාව ලබා දීම ද ඉල්ලීම් අතර වෙයි.
- වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදුව වහා නතර කරන ලෙස ද වෘත්තීය සමිති ඉල්ලා සිටිති.
රටම අක්‍රීය වෙයිද?
දිවයින පුරා ක්‍රියාත්මක මෙම වැඩ වර්ජනයෙන් බොහෝ සේවා අද දිනයේ අඬපණ වනු ඇතැයි වෘත්තීය සමිති නායකයෝ අවධාරණය කළහ.
නව බදු ප්‍රතිපත්තියට එරෙහිව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තිකයින් විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග , සංඛේත වැඩ වර්ජන සහ විරෝධතා ක්‍රියාත්මක කරනු ලැබුවේ මීට සති කිහිපයක සිටයි.
සාකච්ඡා මාර්ගයෙන් මීට විසඳුම් සෙවීම සඳහා ආණ්ඩුවේ බලධාරීන් සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණත් වෘත්තීය සමිති අපේක්ෂා කළ විසඳුමකට පැමිණිමට සාකච්ඡා වලින් නොහැකි වූ පසුබිම තුළ මෙම වැඩ වර්ජන පැවැත්වෙන බව ඔවුහු පවසති.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මීට දින කිහිපයකට පෙර ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක අතර මේ හේතුවෙන් රජයේ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ද දින කිහිපයක සිට අඬාල වී තිබේ.
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කළේ වෘත්තිකයින් මේ මොහොතේ පවා සාකච්ඡාවට විවෘත ව සිටින බවය.
මීට අමතරව බැංකු සේවකයින් කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීම ඇතුළු විවිධ වෘත්තීය සමිති ක්‍රියාමර්ගවල නියැලී සිටින අයුරු පසුගිය දිනවල දක්නට ලැබුණි.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල උච්චතම අවස්ථාවක් ලෙස අද මෙම සංඛේත වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙයි.

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
සෞඛ්‍ය
වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක ප්‍රතිකාර සේවා බාධා අතුවෙනු ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ, ජාතික රෝහල්වල සිට පර්යන්ත රෝහල් දක්වා දිවයින පුරා පළාත් නවයේම සියලු රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
එහෙත් හදිසි ප්‍රතිකාර සේවා අඬාල වීමක් නොවන බවත්, ළමා රෝහල්, මාතෘ රෝහල්, පිලිකා රෝහල්, වකුගඩු ප්‍රතිකාර ඒකක සහ ත්‍රිවිධ හමුදා රෝහල්වල වෛද්‍ය වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවත් ඔහු සඳහන් කළේය.
ජනතාවට වන පීඩාවේ වගකීම රජය භාර ගත යුතු බවද වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.
ඔහු සඳහන් කළේ විසඳුමක් නොමැති නම් අද දිනයෙන් ඉදිරියට වර්ජනය ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවය.
40,000කට ආසන්න හෙද හෙදියන්ද අද පැවැත්වෙන වැඩ වර්ජනයට සහභාගිවනු ඇත.
හමුදාව – පොලිසිය රෝහල් වෙත යෙදවුවහොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් බවට පත්වනු ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කළේය.
‘රෝහල් තුළට හමුදාව හෝ පොලිසිය යොදා වැඩවර්ජනය මර්දනය කිරීමට උත්සහ කළහොත් වර්ජනය අඛණ්ඩ අරගලයක් බවට අනිවාර්යෙන්ම පත්වන බව’ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් බීබීසි සිංහල වෙත පැවසීය.
ඔහු රජයෙන් ඉල්ලා සිටියේ ‘අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලින්’ වැඩවර්ජනය දිගු නොකරන ලෙසය.
‘වැඩවර්ජනයට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය මත වර්ජනයේ ආයුකාලය’ තීරණය වන බව ද ඔහු අවධාරණය කළේය.
සියලු සෞඛ්‍ය සහයක සේවා අද පෙරවරු 6.30 ට වර්ජනය ආරම්භ කරන බව කී කුමුදේශ් පෙරවරු 8.00 සිට සියළුම සෞඛ්‍ය වෘත්තීයවේදීන් වැඩවර්ජනයට එකතු වීමට නියමිත බව ද සඳහන් කළේය.
විදුලිබල
ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් බීබීසී සිංහල වෙත සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින් අද (මාර්තු 15) දින ලෙඩ නිවාඩු වාර්තා කර සේවයට පැමිණිමෙන් වැළකී සිටින බවය.
විදුලි බලාගාර සහ අත්‍යාවශ්‍ය සේවාවන් පමණක් සාමාන්‍ය පරිදි සේවා පවත්වාගෙන යනු ඇත.
එහෙත් යම්කිසි විශාල බිඳ වැටීමක් සිදුවුවහොත් නඩත්තු සහ ගබඩා සේවකයින් නොමැති වීම නිසා එය යථා තත්ත්වයට පත් කිරීමට බාධා මතුවනු ඇතැයි ඔහු සඳහන් කළේය.
විදුලිබල මණ්ඩල කාර්යාල කටයතු සහ බිල්පත් ගෙවීම් කටයුතු ද අඬපණ වනු ඇතැයි රංජන් ජයලාල් පැවසීය.
දුම්රිය
ලොකෝමොටිව් දුම්රිය ඉංජිනේරු සංගමයට අයත් සේවකයින් මාර්තු 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
සියලු දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර අද (මාර්තු 15) සේවයට වාර්තා නොකරන සේවකයින්ගෙන් නිදහසට කරුණු විමසා වාර්තාවක් ලබා දෙන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා දුම්රිය ප්‍රධානීන්ට දැනුම් දී ඇත.
දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය මස 27 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
අධ්‍යාපන
රජයේ පාසල්වල ගුරුවරු හා විදුහල්පතිවරු ද අද වැඩ වර්ජනයට එක්වන අතර පාසල් කටයුතුවලටද වර්ජනයෙන් දැඩිබලපෑමක් එල්වී තිබේ.
අද ආරම්භ කිරීමට නියමිතව තිබූ රජයේ පාසල්වල වාර විභාග කටයුතු මේ හේතුවෙන් කල් දැමීමට ද පළාත් පාසල් බලධාරීන් පියවර ගෙන ඇත.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලීන් බීබීසී සිංහල වෙත පැවසුවේ ‘අද දිනයේ පමණක් මෙම වැඩ වර්ජනය’ ක්‍රියාත්මක කරන බවය.
”මේක සම්පූර්ණයෙන් දේශපාලන වැඩසටහනක්”
උපනූපන් පරම්පරාවල්වලට හෝ රට තුළ ජීවත් වීමට හැකියාවක් ලැබෙන්නේ, ජාතික අර්බුදයක් පවතින අවස්ථාවේ අමාරු කැපවීමක් සිදු කළ හොත් පමණක් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන අවධාරණය කළේය.
”මේක සම්පූර්ණයෙන් දේශපාලන වැඩසටහනක්. කිසිම දේශපාලන විසඳුමක් නැ… තියෙන්නේ, ආර්ථික විසඳුමක් පමණයි. ඒ විසඳුම ටිකක් ජනප්‍රිය නැහැ.. වේදනාකාරී අපි හැමෝටම හිරිහැරයි. කරදරයි අමාරුයි. ඒ අමාරු කැපවීම, ජාතික අර්බුදයක් අවස්ථාවේදී කළොත් පමණයි, උපනූපන් පරම්පරාවල්වට හරි මේ රට ඇතුළෙ ජීවත්වෙන්න පුළුවන් වෙන්නේ” අමාත්‍යවරයා සඳහන් කළේය.
දීපව්‍යාපත්ව අද දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශකවරයා (මාර්තු 14 වැනිදා ) මේ බව පැවසීය.
කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ,
මෙවැනි අවස්ථාවක කඩාකප්පාල්කාරි ක්‍රියා හෝ රට වැටී ඇති තැනින් තවත් පහළ හෙළන ආකාරයෙන් ක්‍රියා කිරීම රටක ජාතියකට කරන අපරාධයක් මෙන්ම දේශද්‍රෝහි ක්‍රියාවක් බවයි.
”රජය අමාරුවෙන් දවස් ගණන් ම කිසිදු පෝලිමක් නැතිව, පැය 12ක් විදුලිය කපපු රටේ විදුලිය කැපීම නවත්තලා තියෙනවා, දවස් ගණන් තෙල් පෝලිම්වල සිටි ජනතාව මැරිලා වැටෙන තත්ත්යක් තිබිලා, දැන් කිසිදු පෝලිමක් නැහැ. ගෑස් හොයමින් ඇවිදින්නේ නෑ…”
රජය විසින් මේ වනවිට ප්‍රවාහනය, වරාය, ගමනාගමනය තැපැල් විදුලි ආදිය අත්‍යවශ්‍ය සේවාවන් කර ඇති බවත් ඒ අනුව රටේ පොදු නීතිය කඩ කළොත් ඊට ගන්නා ක්‍රියාමාර්ග නීතිය කඩ කළ පසු ගනු ඇති බවත් කැබිනට් ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
Discussion about this post