වගා කන්න 3කට පසුව මෙරට ගොවීන් ලක්ෂ 12ක් සඳහා අද(20) සිට මඩ පොහොර නොමිලයේ ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙට්‍රික් ටොන් තිස් හය දහසක අදාල මඩ පොහොර තොගය මෙරටට පරිත්‍යාග කර තිබුණේ, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ය .
ඒ අනුව අද දිනයේ උතුර හා නැගෙනහිර පළාත්වලට අයත් සියලුම දිස්ත්‍රික්කවල ගොවීන්ට මඩ පොහොර මෙට්‍රික් ටොන් 11,537ක් බෙදා දීමට නියමිතයි.
දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් මෙම මඩ පොහොර ලබා දීමට කටයුතු යොදා තිබේ.
වගා කටයුතු ආරම්භ වන පරිදි අනෙකුත් දිස්ත්‍රික්කවලට ද ඒ අයුරින්ම පොහොර ලබා ගැනීමේ පහසුකම් සලසා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
වී වගා කරන හෙක්ටෙයාර් එකක් සඳහා නිර්දේශ කර ඇති මඩ පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 55 කි.
Discussion about this post