ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘නිකුතු සුරක්ෂිතාගාරය’නමැති ගබඩාවේ තැන්පත් කර තිබූ රුපියල් මිලියන 5ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම අංශයේ එදින සේවය කළ කාර්යය මණ්ඩලයේ 15 දෙනේකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගත් බව කොළඹ, කොටුව පොලිසිය කියනවා. අදාළ ස්ථානයද ඇතුලත් CCTV දර්ශනද ලබාගත් බවයි පොලිසිය පවසන්නේ.
රුපියල් මිලියන 5ක් අඩංගු මුදල් බණ්ඩලයක් අස්ථානගතව ඇති බවට මහ බැංකුවේ වෝහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ.ආර්. දයානන්ද විසින් කොළඹ, කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබුණා.
මහ බැංකු ගොඩනැගිල්ලේ භූගත තුන්වෙනි මහලේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති ස්ථානයක රාක්කයක තිබී මෙම මුදල් බන්ඩලය අස්ථානගත වී ඇති බවයි ඔහු කළ පැමිණිල්ලේ දක්වා ඇත්තේ.
Discussion about this post