අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව පිළිබඳව අද (25) පස්වරුවේ පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල අචාර්ය සමිති සම්මේලනය පවසයි.
විශ්වවිද්‍යාල අචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, අද පස්වරුවේ පැවැත්වෙන විධායක සභා රැස්වීමේ දී ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉදිරියේ දී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරන බවයි.
මේ අතර අපොස උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ආරම්භ කිරීම පිළිබද සියලු පාර්ශ්ව සමග එක්ව සාකච්ඡා කර තීරණයක් ගන්නා ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමය පවසයි.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් තොරව අගැයීම් ක්‍රියාවලියක් සිදු කළ නොහැකි බවයි.
උත්තරපත්‍ර ඇගයීමේ කටයුතු පසුගිය 22 වැනි දා ආරම්භවීමට නියමිතව තිබුණි.
Discussion about this post