බිත්තර ආනයනය කිරීමේදී ගතයුතු අවශ්‍ය තීරණ ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේ.
වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කැබිනට් ලේකම්වරයා පත් කර ඇති බවයි.
මේ වනවිට මෙරටට බිත්තර මිලියන 5ක් ඉන්දියාවෙන් ආනයනය කර ඇත.
අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරටට ගෙන එනු ලැබූ තවත් බිත්තර මිලියන 2 ක් කොළඹ වරායේ ඇති බවයි.
මේ අතර එම බිත්තර තොගය නිදහස් කිරීමට අදාළ වාර්තා ඊයේ දිනය වන විටත් ලැබී නැතැයි අමාත්‍යවරයා පැවසීය.
Discussion about this post