විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් රවටා මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු මිරීගම, පමුණුවත්ත ප්රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සිදුකළ විමර්ශනයකදී අත්අඩංගුවට ගත් ඔවුන් සන්තකයේ තිබී විවිධ පුද්ගලයින්ට අයත් ජාතික හැඳුනුම්පත් 08 ක්, රියැදුරු බලපත්රයක් හා චෙක්පොත් දෙකක් ද සිය භාරයට ගත් බවයි.
සැකකරුවන් අවුරුදු 31 සහ 32 වයස්වල පසුවන දියබෙදුම හා මීරිගම පදිංචිකරුවන් ය.
සැකකරුවන්, දියබෙදුම පොලිස් වසමේදී පුද්ගලයෙකුට පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට ද විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි, පොලීසිය ප්රකාශ කළේ ය.
ඔවුන් ආරක්ෂක අංශයේ රාජකාරියේ නියුතුව සිට ඇති බවට ද මේ වන විට අණාවරණය වී ඇති අතර, සැකකරුවන් අද (25) අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Discussion about this post